Year and Month | December, 2010 |
Number of Days | Five Day Trip |
Crew | 10 (between 20-60 years of age) - Best Guide and jeep service (Manju)- 0770694475 |
Accommodation | Camping
|
Transport | Mitsubishi 4DR5 Jeep, & Toyota Double Cab |
Activities | Wildlife, Photography, pilgrimage |
Weather | Not Rainy but wet |
Route | Piliyandala -> Horana -> Rathnapura -> Udawalawa -> Thanamalwila -> Lunugamwehera Park -> Weheragala reservoir -> Thanamalwila -> wellawaya -> Monaragala -> Siyambanduwa -> Pothuwil -> Panama -> Okanda -> Kumana -> Madamathota -> Kabelittha and return on the same route |
Tips, Notes and Special remark |
|
Author | sumith |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread |
කැබලිත්ත සියඹලාව දේවාලය හාස්කම් වලින් පිරුණු ස්ථානයක් ලෙස බොහෝ දෙනාගේ පිළිගැනීමයි. පුරාවෘත්තයන්ට හා ජනප්රවවාදයට අනුව ඉන්දියාවේ සිට පැමිණි ස්කන්ධ කුමාර හෙවත්, කතරගම දෙවියන් ලංකාවේ නතර වීමට තීරණය කල බැවින්, එතුමන් පැම්ණි රන් ඔරුව ගල් කල බවත්, එම ස්ථානය රන් ඔරුගල නමින් හඳුන්වන බවත් සඳහන් වේ. ලංකාවට පැමිණි එතුමන්ට මුලින්ම ඔකඳ නම් ස්ථානයේදී ද්රගවිඩ ජාතිකයකු මුණගැසුනු බවත්, ඔහුගෙන් තමාට නවතින්නට තැනක් සාදාදෙන ලෙස ඉල්ලා සිටිබවත්, ද්රටවිඩ ජාතිකයා එය ප්ර්තික්ෂේප කල බවත්, සඳහන් වේ. ඉන්පසු සිංහල ජාතිකයෙකු මුණගැසුනු බවත් ඔහුගෙන් එම ඉල්ලීම කල විට, ඔහු මඩමෙතොට නම් ස්ථානයේ තාවකාලික නවාතැනක් සාදා දුන් බවත් සඳහන් වේ.
පසුව එතුමන් කැබලිත්ත තමාගේ ස්ථීර වාසස්ථානය ලෙස තෝරා ගත් බවත්, මහජනයාගේ දුක්ගැනවිලි, කන්නලව් වලට ඇහුන්කන් දීම සඳහා හා පුදපූජා ලබා ගැනීමට කතරගම තෝරාගත් බවත් සඳහන් වේ.
කැබලිත්තට යාම සඳහා ප්රශධාන පිවිසුම් 4 ක් ඇත.
- පොතුවිල්, පානම, කුමණ, හරහා. පොතුවිල් සිට පානමට 17km ක්ද, පානම සිට කුමණ පිවිසුමට 17km ක්ද,කුමණ පිවිසුමේ සිට මඩමතොටට 22km ක්ද, එතැන් සිට 34km ක්ද ඇත.
- යාල කළාප අංක 1, කළාප අංක 2, හරහා පැමිණ කුඹුක්කන් ඔය තරණය කිරීමෙන් පසු කුමණ හරහා පැමිණෙන මාර්ගය ඔස්සේ. යාල පිවිසුමේ සිට මැණික් ගඟ අසලට 18km පමණද, එතැන් සිට කුඹුක්කන් ඔය අසලට 36km පමණ දුර ඇත. එතැනින් කුමණින් පිවිසෙන මාර්ගය ඔස්සේ 33km පමණද ඇත.
- කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ පිවිසුමෙන් යාල වනෝද්යාිනය හරහා. ගල්ගේ පිවිසුමෙ සිට 30 km පමණ.
- මොණරාගල, කොටියාගල හරහා 32km පමණ.
මෙයින් අංක 1,2, හා 3 මාර්ග හරහා කැබලිත්තට පිවිසෙන්නේ නම් වන ජීවී දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ගත යුතුය.
කොටියාගල හරහා පැමිණෙන්නේ නම් එසේ අවසර ලබා ගැනීමක් අවශ්ය නොවේ. වැඩිම පිරිසක් පැමිණෙන්නේ මෙම මාර්ගය ඔස්සේය. නමුත් මෙය අනවසර මාර්ගයකි.
අංක1,2,හා 3 මාර්ග ඔස්සේ පැමිණෙන්නේ නම් ජීප් රථ පමණක් භාවිතා කලයුතුය. 4WD හා Winch එක හොඳින් ක්රි යාකරිත්වයේ තිබිය යුතුයි.
කොටියාගල මාර්ගයේ පැමිණෙන්නේ නම් ටැක්ටර් හෝ ජීප් රථ භාවිතාකල හැක. මෙම සෑම මාර්ගයක්ම අති දුෂ්කර මාර්ග වේ. ඔබ කැබලිත්තට පැමිණෙන්නේ නම් පලපුරුදු අයෙකුගේ සේවය ලබාගත යුතුය. මස් මාංශ අනුභවයෙන් තොරව දින 21 පමණ පේවී පැමිණිමෙන් අරමුණු හා බලාපොරොත්තු ඉටුවේයයි බොහෝ දෙනාගේ අදහසයි.
රන් ඔරුගල වෙරළ තීරය නැගෙනහිර පිහිටි දර්ශනීය වෙරළ තීරයකි.(නෑමට හෝ පිහිනීමට සුදුසු නොවේ). එක් පසකින් සයුරද අනෙක් පසින් කුමණ වැවද පිහිටා ඇත. අපගේ පළමු දින නවාතැන වූයේ මෙම වෙරළ තීරයයි. මෙම ස්ථානයට පැමිණෙන්නේ නම් උදය හෝ සවස් කාලයේ පැමිණිය යුතුය. දහවල් කාලයට අධික රස්නය නිසා වැලි රත්වී ඇත් බැවින් මෙම ස්ථානයේ සංචාරයට අපහසුය. කඳවුරු තනා මෙම ස්ථානයේ නැවතීමට අවසර ලබාගැනීමට අවශ්ය නොවේ.
මඩ හා ජල දුර්ග වලින් ගහන මෙම මාර්ගයේ රථ ධාවනය තරමක් අසීරු කටයුත්තකි.නවීන මොටර් රථ මෙම මාර්ගයට එතරම් සුදුසු නොවේ.එම රථවල ඇති Electronic පරිපථ හා Electronic Sensor වලට ජලයෙන් හානී සිදුවී ඔබ ගමන්ගන්න රථය ක්රි යාවිරහිත වීමට පුලුවන. මෙම මාර්ගයේ පසුකිරීමට අපහසුම ස්ථාන වන්නෙ කලුකුරිඤ්ඤන් ආරු සහ අලකොල ආරයි. මෙම ඡායාරූපවලින් පෙන්වන්නේ අප කලුකුරිඤ්ඤන් ආරු පසුකල අයුරුයි.
අධික ජල මට්ටම නිසා අපට අලකොල ආරෙන් අපගේ රථ එගොඩ කිරීමට නොහැකි විය. අපගේ දෙවන දින රාත්රීග නවාතැන වූයේ මෙම ස්ථානයයි.
පසු දින එතැන් සිට 13km පමණ දුරින් පිහිටි අපගේ ගමනාන්තය බලා පාගමනින් ගමන් ආරම්භ කලෙමු. එදින අපගේ නවාතැන වූයේ කැබලිත්ත කඳවුරු බිමයි.
උදෑසන පිබිදුනු අප දෙවියන් උදෙසා මුරුතැන් දානය සහ අනෙකුත් පූජා භාණ්ඩ සකස් කිරීමෙන් පසු, පලමුව කඳවුරු බිමට ආසන්නයේ ඇති බෝධීන් වහන්සේ වෙත ගොස් පුදපූජා පැවත්වීමූ. ඉන්පසු අධික වෙහෙසක් ගෙන කුඹුක්කන් ඔය තරණය කිරීමට අපට සිදුවිය. ජලය එතරම් නොගැඹුරු වුවත් අධික සැඩ පහර නිසා එගොඩවීම අපහසු විය. පසුව අප ගඟ හරහා කඹයක් යෙදීමෙන් පසු කඹය ආධාරයෙන් එගොඩ විය.
ඉන් පසු ඊට ආසන්නයේ ඇති අනෙක් බෝධීන් වහන්සේ වෙත ගොස් පුදපූජා පැවත්වීමූ. පසුව අප කැබලිත්ත සියඹලාව දේවාලය වෙත ගොස් පුදපූජා පැවත්වීමූ. මෙම ගමනේදීද අපගේ ගමනේ නඩේගුරා, මගපෙන්වන්න, හා ජීප් රථ රියදුරා වූයේ මංජුය.